බ්‍රෙන්ඩන් කිංග්ගේ ශතකය කොදෙව්වන්ට කඩුලු 7ක ජයක් හිමි කරයි

Date:

බ්‍රෙන්ඩන් කිංග් වාර්තා කළ ශතකය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 203 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පන්දුවාර 35.2 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බ්‍රෙන්ඩන් කිංග් පන්දු 112 කින් ලකුණු 112 ක් රැස් කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශමා බෘෘක්ස් ලකුණු 44 ක් ද, ජොන්සන් චාර්ල්ස් ලකුණු 24 ක් ද රැස් කළ අතර, පන්දු යැවීමේ දී අෆ්සාල් ඛාන්, සහූර් ඛාන් හා රෝහන් මුස්තාෆා කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 202 ක් ලබා ගත්තේ පන්දුවාර 47.1 ක් අවසානයේ දී යි.

අලී නසීර් ලකුණු 58 ක් ද, ව්රීට්යා අරවින්ද් ලකුණු 40 ක් ද, ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කීමෝ පෝල් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඩොමිනික් ඩ්‍රෙක්ස්, ඔඩියන් ස්මිත් හා Yannic Cariah කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...