කුසල් ජනිත්ගේ 153* ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ඉනිම ලෙස ඉතිහාසගත වෙයි

Date:

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ලකුණු 153* ටෙස්ට් ඉතිහාසයේ දී පිතිකරුවකු වාර්තා කළ ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ඉනිම ලෙස espncricinfo වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

නිර්ණායක රැසක් යටතේ සිදු කෙරුණු නව විශ්ලේෂණයක් තුළින් මේ බව ප්‍රකාශ කිරීමටයි espncricinfo වෙබ් අඩවිය පියවර ගෙන ඇත්තේ.

පන්දු 200 කින් සිව්වැනි ඉනිමේ දී වාර්තා වූ කුසල් ජනිත්ගේ ලකුණු 153 හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව පරදා අදාළ තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ද වාර්තා කළා.

2019 වසරේ ඩර්බන් නුවර පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 304 ක ඉලක්කයක් හිමිව තිබුණා. එම ඉලක්කය හඹා යාමේ දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 52 කට දැවී ගොස් තිබූ අවස්ථාවකයි කුසල් ජනිත් සුවිශේෂි ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දුන්නේ.

ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 226 දී බිද වැටුණා. අනතුරුව විශ්ව ප්‍රනාන්දු සමගින් 10 වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 78 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට කුසල් සමත් වුණා.

කුසල් ජනිත් පෙරේරා මෙම විශිෂ්ඨ ඉනිම ක්‍රීඩා කළේ ප්‍රබල දකුණු අප්‍රිකා පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව වීම ද විශේෂත්වයක්.

ඒ අනුව කුසල් පෙරේරාට 965.2 ක ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයක් espncricinfo වෙබ් අඩවිය විසින් මෙම ඉනිම සදහා ලබා දී තිබෙනවා.

ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ඉනිම් අතරින් දෙවැනි ස්ථානය ශ්‍රේණිගත ලකුණු 906.6 ක් හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්යල් මේයර්ස්ට හිමිව තිබෙනවා. ඒ, බංග්ලාදේශයට එරෙහිව 2021 වසරේ දී ඔහු නොදැවී වාර්තා කළ ලකුණු 210 සදහායි.

ඉන්දියාවේ වී වී එස් ලක්ස්මන් ඔස්ට්‍රේලියාවට එරෙහිව 2001 වසරේ දී වාර්තා කළ ලකුණු 281 ශ්‍රේණිගත ලකුණු 857.3 ක් හිමි කර ගනිමින් තෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

සිව්වැනි ස්ථානය බ්‍රයන් ලාරා 1999 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 153* හිමි කර ගෙන ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 849.7 කට හිමිකම් කියමින්.

බෙන් ස්ටොක්ස් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලීඩ්ස්හී දී 2019 වසරේ දී නොදැවී ලබා ගත් ලකුණු 135* ශ්‍රේණිගත ලකුණු 843.6 ක් හිමිකර ගනිමින් මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානය සනත් ජයසූරිය 2004 වසරේ දී පාකිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 253 ට හිමිව ඇති අතර, 17 වැනි ස්ථානය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමල් ඉන්දියාවට එරෙහිව 2015 වසරේ දී ගාල්ලේ දී වාර්තා කළ ලකුණු 162* ඉනිමටයි.

මහේල ජයවර්ධන එංගලන්තයට එරෙහිව 2012 වසරේ දී ගාලු ක්‍රීඩාංගනයේ දී රැස් කළ ලකුණු 180 මෙම ඉනිම් ලැයිස්තුවේ 19 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

එහි 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ දිමුත් කරුණාරත්න 2018 වසරේ දී ගාල්ලේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ ලකුණු 158* යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...