ලිටොන්ට නායකත්වයේ වගකීම පවරමින් ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තානය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නිවේදනය කර තිබෙනවා.

අයර්ලන්තය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ නායක ශකිබ් අල් හසාන් මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව ඔහු වෙනුවට කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ලිටොන් දාස් වෙත පැවරී තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Shahadat Hossain හා Musfik Hasan ද ඇතුළත්.

ආබාධයක් හේතුවෙන් අයර්ලන්තය සමග පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ටස්කින් අහ්මඩ් යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. සාකීර් හසාන් ද යළි ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

ජූනි 10 වැනිදා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර, ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා මීර්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh squad:

Litton Das (c), Tamim Iqbal, Zakir Hasan, Najmul Hossain Shanto, Mominul Haque, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Ebadot Hossain, Taskin Ahmed, Shoriful Islam, Mahmudul Hasan Joy, Shahadat Hossain, Musfik Hasan.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...