හේසල්වුඩ්ට WTC අවසන් මහා තරගය අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවත් කර ඇති අතර, හේසල්වුඩ් වෙනුවට මයිකල් නේසර් සංචිතයට ආදේශ කිරීමටයි ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට ස්කොට් බෝලන්ඩ්ට හිමි වීමට ඉඩ පවතිනවා.

හේසල්වුඩ් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ නමුත්, ඔහුට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරුණේ.

ඔහුට එම තරගය මේ වන විට අහිමි වී ඇතත්, එළඹෙන 16 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන පළමු අළුබදුන ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...