පාකිස්තානයට සහාය නොදුන් නිසා ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට පාකිස්තානය බෑ කියයි

Date:

ලබන මාසයේ දී එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ The Hindu පුවත්පත වාර්තා කර ඇත්තේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීම සදහා ශ්‍රී ලංකාව විසින් ප්‍රමාණවත් සහායක් ලබා නොදීම හේතුවෙන් පාකිස්තානය මෙලෙස මෙම එක්දින තරගාවලිය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන කණ්ඩායම ලබන මාසයේ දී මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, එම තරගාවලිය කල් දමමින් හෝ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් එක්දින තරගාවලියක් ලබන මාසයේ දී පැවැත්වීම සදහා වන යෝජනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තානයට ඉදිරිපත් කර තිබූ අතර, මීට පෙර පාකිස්තානය ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබූ බව වාර්තා වී තිබුණා.

නමුත්, 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සදහා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවීම හේතුවෙන් පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතර සම්බන්ධතා මේ වන විට තරමක් පළුදු වී ඇති බව The Hindu පුවත්පත පෙන්වා දෙනවා.

පාකිස්තානයට සත්කාරක අයිතිය හිමිව ඇතත්, මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කුමන රටේ දී දැයි ආසියානු ක්‍රිකට් කවුන්සලය මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...