සුදුසුකම් ලැබීමේ තරගාවලියට සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී ම පැවැත්වීමට නියමිත අතර, ක්‍රෙයිග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කළ සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයට වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව Joylord Gumbie, Tadiwanashe Marumani හා Innocent Kaia යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Regis Chakabva, Milton Shumba හා Tony Munyonga යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඇමෙරිකාව, නෙදර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා නේපාලය යන රටවල්.

ZIM squad:

Ryan Burl, Tendai Chatara, Craig Ervine (c), Bradley Evans, Joylord Gumbie, Luke Jongwe, Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...