වෝනර් සිය ක්‍රිකට් දිවිය ගැන තීරණයක් ගනියි

Date:

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මාසයේ දී පාකිස්තානය සමග සිඩ්නිහී දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමු දීමට සැලසුම් කර ඇති බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ලබන වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ම සමු ගැනීමට ද වෝනර් සැලසුම් කර තිබෙනවා.

ඔහු ගෙන ඇති මෙම තීරණයත් සමග මෙම මාසයේ දී එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔහු විදෙස් රටකදී ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය බවට පත් වනු ඇති.

කෙසේ වෙතත්, ඔහුට තවදුරටත් ටෙස්ට් සංචිතයේ රැදී සිටීමටනම් එළඹෙන අළුබදුන තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට ද වෝනර්ට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...