ජොෂ් ටොන්ග් සමග එංගලන්ත අළුබදුන සංචිතය නිවේදනය කෙරේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

අයර්ලන්තයට එරෙහිව නම් කෙරුණු ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයම එම තරග දෙක සදහා ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ‍ගෙන ඇත්තේ.

ඒ අනුව අයර්ලන්තයට එරෙහිව මේ දිනවල ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජොෂ් ටොන්ග් ද අළුබදුන තරගාවලියේ පළමු තරග දෙක සදහා ඇතුළත්.

ආබාධවලට ලක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහි තරගයෙන් විවේක ගැන් වූ ජේම්ස් ඇන්ඩර්සන් හා ඔලී රොබින්සන් පළමු අළුබදුන තරගයේ දී යළි කණ්ඩායමේ ස්ථාන හිමි කර ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.

එංගලන්ත ටෙස්ට් සංචිතය සදහා වේග පන්දු යවන්නන් 7 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

අළුබදුන තරගාවලියේ පළමු තරගය එළඹෙන 16 වැනිදා බර්මිංහැම් හි Edgbaston ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England men’s Ashes Test squad:

Ben Stokes (c), James Anderson, Jonathan Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Jack Leach, Ollie Pope, Matthew Potts, Ollie Robinson, Joe Root, Josh Tongue, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...