පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6 ක පරාජයක්

Date:

ඊබ්‍රහීම් සඩ්රාන් වාර්තා කළ ලකුණු 98 හා රහ්මට් ශාහ්ගේ අර්ධ ශතකය මෙන්ම පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඇෆ්ඝනිස්තානය අද(2) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය ඉනිම නිමා වීමට පන්දු 19 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 14 කට දැවී ගිය අතර, ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 98 ක් ලබා ගත්තේ පන්දු 98 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.

රහ්මට් ශාහ් ලකුණු 55 යි. සඩ්රාන් හා රහ්මට් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 146 (149) ක සම්බන්ධතාවය තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ඇෆ්ඝනිස්තාන පිලට නතු කළා.

නායක හෂ්මටුල්ලාහ් ශහිඩී ලකුණු 38 කට දැවී ගියා. මොහමඩ් නබී නොදැවී ලකුණු 27 ක් හා නජිබුල්ලාහ් සඩ්රාන් නොදැවී ලකුණු 7 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 2 ක් දවා ගත් අතර, ලහිරු කුමාර හා මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා. මතිෂගේ පන්දු පාලනය මෙම තරගයේ දී දුර්වල මට්ටමක පැවැති අතර, ඔහු යොමු කළ පන්දුවාර 8.5 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 66 ක් ලබා ගත්තා. මෙම තරගයේ දී ම එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් දුෂාන් හේමන්ත පන්දුවාර 9 ක් යොමු කරමින් ලකුණු 50 ක් ලබා දුන්නද කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 268 ක් ලබා ගත්තේ සියලු දෙනා දැවී යමින්.

© SLC

යළි එක්දින පිටියට පිවිසි දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 11 කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12 කටත් දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 38 ක් රැස් කළා.

චරිත් අසලංක හා ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල සදහා ලකුණු 99 (108) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මාවත විවර කළා.

ධනංජය ලකුණු 51 (59) යි. අසලංක ලකුණු 91 ක් රැස් කළේ පන්දු 95 කින්. හතරේ පහර 12 ක් අසලංකගේ ඉනිමට ඇතුළත්. දසුන් ශානක ලකුණු 17 කට දැවී ගිය අතර, දුෂාන් හේමන්ත ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි හා ෆරීඩ් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...