කොදෙව් කණ්ඩායමට සහාය පුහුණුකරුවන් රැසක් පත් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස කොදෙව් හිටපු නායකයින් දෙදෙනෙකු වන කාර්ල් හූපර් හා ෆ්ලොයිඩ් රෙයිෆර් පත් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හා සිම්බාබ්වේ හී දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අභියසදීයි මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා සීමිත පන්දුවාර කණ්ඩායමේ නව පුහුණුකරු වන ඩැරන් සැමී සමග කටයුතු කිරීමට නියමිතයි.

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆ්‍රැන්ක්ලින් ද සහාය පුහුණුකරුවෙකු ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කොදෙව් හිටපු ක්‍රීඩකයින් වන Kenny Benjamin හා Stuart Williams මෙන්ම Rayon Griffith ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු වන Andre Coley සමග සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට ද නියමිතව තිබෙනවා.

මෙම සියලු පත් කිරීම් තාවකාලික පදනම මත සිදු කර ඇති අතර, එළඹෙන අගෝස්තු මාසයේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලියෙන් පසුව ඔවුන්ගේ ධූරයන් පිළිබද යළි සලකා බලනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...