ඉසුරු උදානගේ RCB කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවත්වීමත් සමග තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට මේ වන විට පත්ව ඇත්තේ ඉසුරු උදානයි.

විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බංගලෝර් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැය කර ඔහුව මිලදී ගෙන තිබුණා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වැඩි පිරිසකගේ අවධානය රෝයල් චැලෙන්ජර්ස් බංගලෝර් කණ්ඩායම වෙතටයි හිමිව ඇත්තේ.

මෙවර ආර්.සී.බී කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන්ගේ ඉවත් වීමත් සමග ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා නම් කිරිමට ද කණ්ඩායම් කළමණාකාරීත්වය පසුගියදා කටයුතු කළා.

ඒ අනුව ඉසුරු උදාන ඇතුලුව විදෙස් වේග පන්දු යවන්නන් තිදෙනෙකු, විදෙස් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු හා විදෙස් පිතිකරුවන් තිදෙනකු ඇතුළත්ව විදෙස් ක්‍රීඩකයන් අට දෙනෙකු මෙවර රොයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් සංචිතයට ඇතුලත්ව තිබෙනවා.

ඒ අතර සිටින දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් හා ඉසුරු උදාන අතරේ අවසන් 11 දෙනා වෙනුවෙන් පැහැදිලි තරඟකාරීත්වයක් පවතින බව දක්නට ලැබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතය –

Indian Players –

Devdutt Padikkal, Virat Kohli, Parthiv Patel, Gurkeerat Singh Mann, Washington Sundar, Pawan Negi, Pavan Deshpande, Shivam Dube, Shahbaz Ahmed, Mohammed Siraj, Navdeep Saini, Umesh Yadav, Yuzvendra Chahal,

Foreign Players –

Aaron Finch, AB de Villiers, Chris Morris, Moeen Ali, Josh Philippe, Adam Zampa, Dale Steyn, Isuru Udana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...