ගිනි තැබූ තණතීරු අතුරණය හිමි පාසලට ක්‍රීඩා ඇමතිගෙන් උපකාර

Date:

කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) කිසියම් පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබූ අයුරු මාධ්‍ය තුලින් වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය වාර්තා පිළිබද  අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) දින එම  ක්‍රීඩකයින් සහ නිළධාරීන්ට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙසයි ආරාධනා කර තිබුණේ.

එහිදී ඔවුන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ක්‍රීඩකයින් මුහුණ දුන් තත්වය තේරුම් ගෙන ක්‍රිකට් ආයතනය හරහා ඔවුන්ට නව තණතීරු අතුරණයක් (මැටින්) ලබා දීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ක්‍රිකට් භාණ්ඩ කට්ටල ඇතුලත් බෑග් 02 ක් ද ලබා දුන් බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ.

එම උපකරණ සමග කැකිරාව බලා යාමට ඔවුන් හට ප්‍රවාහණ පහසුකම්ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ලබා දුන්නා.

ඉදිරියේදී එම දරුවන්ට එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් රැසක් ගොඩ නැගීම සදහා අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම අවස්ථාවට රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අජිත් බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වුණා.

 

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...