“දින 14ක් බැහැ” – බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සැර පිළිතුරක්

Date:

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දින 14ක කාලයක් සිය ක්‍රීඩකයින් නිරෝධායනයට ලක් කිරීම කළ නොහැක්කක් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණේ දින 7 ක කාලයක් බංග්ලාදේශ ක්‍රීඩකයින් පුහුණුවීම් සිදු නොකර නිරෝධායනයට ලක්විය යුතු බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දැනුම් දී ඇත්තේ දින 14ක කාලයක් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට නිරෝධායනයට ලක්වීමට සිදු වන බවයි.

නමුත් එතරම් කාලයක් සිය ක්‍රීඩකයින්ට හෝටල් කාමරවල රැදී සිටිය නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

“අපිට බැහැ ලෝක ටෙස්ට් ශූරතාවලිය ක්‍රීඩා කරන්න මේ කොන්දේසි යටතේ”

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සිය ස්ථාවරය සදහන් කිරීමත් සමග ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතු බවයි.

කොරෝනා කාර්ය සාධක බලකාය සමග මේ පිළිබද සාකච්ඡා කර අදාළ තීරණය යළි සලකා බලන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සදහා ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් 23 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...