සංචිතවල සිටියත් මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කරන්න නොලැබුණු විදෙස් ක්‍රීඩකයන් 8 දෙනා

Date:

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (30) අලුයම අහ්මදාබද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවේ පස්වැනි වරටත් අයි.පී.එල් කුසලානයක පහස විදීමේ අවස්ථාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමිකර දෙමින්.

ජයග්‍රාහී CSK කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනෙකුම අවසන් මහා තරගය ක්‍රීඩා කළ බැවින් මෙරට ක්‍රීඩා ලෝලීන්ට තවත් බලාපොරොත්තු ඉටු වූ රාත්‍රියක් බවට එම රාත්‍රිය පත්වූ බව අරුමයක් නොවේ.

පෙර තරගවාරවල මෙන්ම මෙවර තරගාවලියේ දී ද නවක ක්‍රීඩකයන් මෙන්ම නම් දැරූ ප්‍රබල ක්‍රීඩකයින්ද සිය කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දැක්වීමට කටයුතු කරනු දක්නට ලැබුණා.

එමෙන්ම ඇතැම් ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වූ පරිදි කණ්ඩායම් විසින් අපේක්ෂා කළ වගකීම් ඉටු වුණේ නැහෑ.

කණ්ඩායම්වල ක්‍රීඩා කරන අවසන් 11 දෙනා හෝ 12 දෙනා අතරට ඇතුළත් වීමට පැවැති තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් විදෙස් ක්‍රීඩකයින්ට පවා කණ්ඩායම්වල ස්ථානයක් හිමි කර ගැනීමට මෙවර හැකියාවක් ලැබුණේ නැහෑ.

එලෙසින් මෙවර IPL තරගාවලියේ දී playoffs වටය ඇතුළුව පැවැති සමස්ථ තරග 74 තුළම ක්‍රීඩා කිරීමට එක් අවස්ථාවක් හෝ නොලද විදෙස් ක්‍රීඩකයන් ලැයිස්තුව මෙසේයි –

දිල්ලි කැපිටල්ස්
1. ලුන්ගි එන්ගිඩි – දකුණු අප්‍රිකාව

ගුජරාට් ටයිටන්ස්
2. මැතිව් වේඩ් – ඕස්ට්‍රේලියාව
3. ඔඩියන් ස්මිත් – බටහිර ඉන්දීය කොදෙව් දූපත්

කොල්කටා නයිට් රයිඩර්ස්
4. ජොන්සන් චාර්ල්ස් – බටහිර ඉන්දීය කොදෙව් දූපත්

ලක්නව් සුපර් ජයන්ට්ස්
5. ඩැනියල් සෑම්ස් – ඕස්ට්‍රේලියාව

මුම්බායි ඉන්දියන්ස්
6. ඩිවාල්ඩ් බ්‍රෙවිස් – දකුණු අප්‍රිකාව

රාජස්ථාන් රෝයල්ස්
7. ඩොනොවන් ෆෙරෙයිරා – දකුණු අප්‍රිකාව

රෝයල් චැලෙන්ජර්ස් බැන්ග්ලෝර්
8. ෆින් ඇලන් – නවසීලන්තය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...