දෝනිගේ ප්‍රතිරූපය වෙනුවෙන් සජීවී දර්ශනවලට කළ වංචාව ? (වීඩියෝ සහිතයි)

Date:

පස්වැනි වරටත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අයි.පී.එල් ශුරතාවය හිමි කර දෙමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද(30) අලුයම නිමා වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් රැසක් ද සතුටට පත් කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ බැවින් මෙරට බොහෝ ක්‍රීඩාලෝලීන් මෙවර තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායමට සහාය ලබා දුන් බව නොරහසක්.

අහ්මදාබාද් හි පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 15 කදී ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන්ට හිමි වුණා. චෙන්නායි පිල ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි තරග ජය පරාජයන් එකම ආකාරයෙන් විද දරා ගන්නා සැහැල්ලු ක්‍රීඩකයෙකු බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

මෙම අවසන් මහා තරගයේ දී ද දෝනිගේ හැසිරීම එය තවදුරටත් සනාථ කළා. කෙසේ වෙතත්, රූපවාහිනී නිෂ්පාදකයින් විසින් දෝනි සැහැල්ලුවෙන් පසුවන යම් ඡායාරූපයක් අවස්ථා කිහිපයකදී ම තරගයේ අවසන් මොහොතේ සජීවී රූපරාමු අතරට එක් කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

හිතාමතාම මහේන්ද්‍ර සිං දෝනිගේ ප්‍රතිරූපය තවදුරටත් ගොඩ නැංවීමේ අරමුණින් ඔවුන් එලෙස සිදු කළා දැයි සැක සහිතය.

අද අලුයම වනතුරු පැවැති මෙම අවසන් මහා තරගය ඔබ සජීවීව නැරඹුවේනම් ජයග්‍රාහී හතරේ පහර රවීන්ද්‍ර ජඩේජා විසින් එල්ල කිරීමෙන් පසුව එය චෙන්නායි කණ්ඩායම සැමරූ අයුරු ඔබ දකින්නට ඇති. එම සැමරුම් අතරතුර දෝනි ජයග්‍රහනයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටින එක් රූපරාමුවක් ද දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, මෙම රූපරාමුව නිශ්චල ඡායාරූපයක් ලෙස රූපවාහිනිය ඔස්සේ සජීවීව අවස්ථා කිහිපයකදීම දැක ගත හැකි වීම මවිතයට කරුණක්.

පහත වීඩියෝ දර්ශන දෙකෙන් පළමු වීඩියෝව පළමුව නරඹන්න… අයි.පී.එල් තරගාවලියේ ඩිජිටල් විකාශන හිමිකරු වන Jiocinema තරගයේ අවසන් මොහොත සජීවීව ගෙන ආ ආකාරය ඔබට මෙම වීඩියෝවෙන් නැරඹිය හැකියි.

මෙම වීඩියෝව ආරම්භයේ දී ම දෝනි සැහැල්ලුවෙන් සිටින නිශ්චල රූපරාමුවක් දැකිය හැකියි. එමෙන්ම වීඩියෝවේ 28 වැනි තත්ත්පරය (එනම් අවසන් පන්දුව යොමු කිරීමට පෙර අවස්ථාව) ද නරඹන්න. එම අවස්ථාවේ දී ද අදාළ නිශ්චල ඡායාරූපය එළෙසින්ම දැක ගත හැකියි. පිටුපස සිටින පුද්ගලයින්ද අවස්ථා දෙකේ දී ම එකම ආකාරයෙන් රැදී සිටින අයුරු ඔබට පැහැදිලි අයුරින් දැක ගත හැකියි.

ජයග්‍රහනයෙන් පසුව ජය සමරන අවස්ථාවේ දී දෝනි සෙසු ක්‍රීඩකයින් සමග ජය සරමන ආකාරය පළමු වීඩියෝ දී දැක ගත හැකි නමුත්, දෙවැනි වීඩියෝවේ දී එනම් ස්ටාර් ස්පෝර්ට්ස් සජීවීව විකාශය කළ දර්ශනවල ජයග්‍රහනයෙන් පසුව ද දෝනි සන්සුන් අයුරින් අසුන්ගෙන සිටින අදාළ ඡායාරූපය යළිත් විකාශය කිරීම සැබවින්ම මවිතයට කරුණක්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...