Watch : අවසන් තරගයේ දී පතිරණ දවා ගත් කඩුලු දෙක

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලු දෙකක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(29) සමත් වුණා.

අද රාත්‍රියේ දී අහ්මදාබාද් හී දී ආරම්භ වූ අවසන් තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.

සායි සුදර්සන් ලකුණු 96 ක් රැස් කළේ පන්දු 47 කින්. ව්රිධිමන් සහා ලකුණු 54 යි.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්. ඔහු සිය කඩුලු දෙකම දවා ගත්තේ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යි.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ සායි සුදර්සන් හා රෂිඩ් ඛාන් යන පිතිකරුවන්.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න – (දර්ශන අනුග්‍රහය – BCCI/IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...