ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට විවෘත වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා අද(29) දිනයේ සිට ප්‍රවේශ පත්‍ර කවුළු තුළින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුළුවෙන් ද, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද, ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 400, 500, හා 750 හා 1,500 යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතයි.

පෙරවරු 9 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ ප්‍රවේශ පත්‍ර කවුළු විවෘතව තබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය 26 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා ද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දී තිබුණා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ප්‍රේක්ෂකයින් තරග නැරඹීමට පැමිණීමේ දී තමන්ගේ QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ලෙස) රැගෙන පැමිණිය යුතු බවයි ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...