LPL වෙන්දේසිය කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ එදින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත බවයි. මීට පෙර වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

එල්.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්. ඒ අනුව IPL, SA20 හා WPL යන තරගාවලියන්ගෙන් පසුව ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන එකම ෆ්‍රැන්චයින් ලීග් ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරගාවලිය පත්වනු ඇති. ක්‍රීඩක වෙන්දේසිය සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ද මේ වන විට අවසන්ව තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියට පෙර විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමට කණ්ඩායම් 5 සදහා අවස්ථාව ලබා දී තිබුණා. ඒ අනුව මේ වන විටත් ක්‍රීඩකයින් 20 දෙනෙකු මෙවර LPL තරගාවලිය සදහා ගිවිසුම්ගත වී තිබෙනවා. ඉන් 10 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින්.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වියදමක් කළ හැකියි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 ක පමණ මුදලක්.

වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කිරීමට සෑම කණ්ඩායමකටම අවසර ලබා දී තිබුණා.

ක්‍රීඩක වෙන්දේසියේ දී ද අමෙරිකානු ඩොලර් 500,000 ක් වියදම් කළ හැකියි. සෘජුව ගිවිසුම්ගත වීමේ දී යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම මුදල් ප්‍රමාණය වෙන්දේසියේ දී වියදම් කිරීම සදහා භාවිතා කළ හැකි වන්නේ නැහැ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...