අම්බටි රයිදු IPL පිටියට දෙවැනි වරටත් සමු දෙයි

Date:

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව තමා අයි.පී.එල් පිටියට සමු දෙන බව චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරු අම්බටි රයිදු පවසනවා.

මුම්බායි ඉන්දියන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් නියෝජනය කරමින් රයිදු වසර 13 ක කාලයක් අයි.පී.එල් පිටියේ දී දක්ෂතා දක්වනු ලැබුවා.

2022 තරග වාරයෙන් පසුව ද ඔහු අයි.පී.එල් පිටියට සමු දෙන බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණ ද, පසුව එම ට්විටර් පණිවිඩය ඔහු ඉවත් කර තිබුණේ චෙන්නායි කණ්ඩායමේ බළධාරීන් සමග සිදු කළ සාකච්ඡාවලින් පසුවයි.

අයි.පී.එල් තරග 200 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති රයිදු එහිදී ලකුණු 4,000 කට වැඩි ප්‍රමාණයක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.

අම්බටි රයිදු මේ වන විට අයි.පී.එල් ශූරතා 5 ක් දිනා සිටිනවා. අද පැවැත්වෙන අවසන් මහා තරගයේ දී චෙන්නායි කණ්ඩායම ජයග්‍රහනය කළහොත් සිය 6 වැනි අයි.පී.එල් ශූරතාවය ද ජය ගනිමින් ඔහු අයි.පී.එල් පිටියට සමු දෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...