IPL අවසන් මහා තරගය හෙටට කල් දැමේ

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද(28) පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(29) දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

ඒ, අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් ක්‍රීඩාංගනයට ඇදහැළුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්.

වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කෙරුණේ නැහැ.

රාත්‍රී 9ට පමණ වර්ෂාව තාවකාලිකව නතර වූයේ තරගය ආරම්භය පිළිබද යම් බලාපොරොත්තුවක් එක්කරමින්.

කෙසේ වෙතත්, පසුව මිනිත්තු 25 කට පමණ පසුව ක්‍රීඩාංගනයට යළි ධාරිණිපාත වර්ෂාවක් ඇදහැළුනු අතර, රාත්‍රී 10.50 ට පමණ වර්ෂාව නතර වුණා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සලකා බලා තරගය හෙට දිනය දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

තරගය අවම වශයෙන් පන්දුවාර 5 ක තරගයක් ලෙස පැවැත්වීමටනම් අලුයම 12.06 ට තරගය ආරම්භ කළ යුතුව තිබුණා. ඒ සදහා ක්‍රීඩාංගනය සකස් කිරීමටනම් පැයක පමණ කාලයක් ක්‍රීඩාංගන සේවකයින්ට අවශ්‍ය වනවා.

තරගය හෙට රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...