ජයිස්වාල් ඉන්දීය සංචිතයට කැදවයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස යශස්වි ජයිස්වාල් නම් කර තිබෙනවා.

ජූනි 3 වැනිදා විවාහ වීමට නියමිතව සිටින රුටුරාජ් ගයික්වඩ් වෙනුවට ජයිස්වාල් එලෙස අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජයිස්වාල් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඉනිම් 14 කදී ලකුණු 625 ක් රැස් කිරීමට සමත් වූ අතර, ඊට අර්ධ ශතක 5 ක හා ශතකක් ඇතුළත් වුණා.

ඔහු මෙතෙක් කිසිදු තරග රටාවකින් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නැහැ.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...