ගිල්ගේ සුපිරි ශතකය හා මෝහිට්ගේ කඩුලු 5 හමුවේ ටයිටන්ස් පිට පිට දෙවැනි වරටත් අවසන් තරගයට

Date:

ෂුබ්මන් ගිල් වාර්තා කළ සුපිරි ශතකය හා මෝහිට් ෂර්මාගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(26) පැවැති අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualifier 2) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 62ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පසුගියවර අයි.පී.එල් ශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එළඹෙන ඉරිදා(28) අහ්මදාබාද් හී දී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ටයිටන්ස් කණ්ඩායම පිට පිට දෙවැනි වරටත් ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

අහ්මදාබාද් හී දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ටයිටන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 233 ක් රැස් කළා.

ව්රිධිමන් සහා ලකුණු 18 යි. ෂුබ්මන් ගිල් පන්දු 60 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ සුවිශේෂි ඉනිම වර්ණවත් කළා. මෙම ශතකය ෂුබ්මන් ගිල් මෙවර තරගාවලියේ දී වාර්තා කළ තෙවැනි ශතකය වීම ද විශේෂත්වයක්. ඔහු ලකුණු 31 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ටිම් ඩේවිඩ් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

සායි සුදර්සන් ලකුණු 43 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා (retired out). හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 28(13)යි. පන්දු යැවීමේ දී ආකාශ් මද්වල් හා පියුෂ් චවුලා කඩුල්ල බැගින් බිද හෙලුවා.

ටයිටන්ස් ඉනිම අතරවාරයේ දී ඉෂාන් කිෂන් ආබාධයකට ලක් වුණේ ඔහුගේ කණ්ඩායමේම ක්‍රීඩකයෙකු වන ක්‍රිස් ජෝර්ඩන්ගේ වැලමිට කිෂන්ගේ මුහුණේ වැදීම හේතුවෙන්. ආබාධය නිසා ඉෂාන් කිෂාන් මුම්බායි ඉනිම ආරම්භ කිරීමට ද පිටියට පිවිසියේ නැහැ. අනතුරුව කිෂන් වෙනුවට විශ්නු විනෝද් කණ්ඩායමට ආදේශ කිරීමට ද (concussion sub) පියවර ගැණුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිලට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 ක් පමණයි.

රෝහිත් ෂර්මා සමගින් නෙහාල් වදේරා මුම්බායි ඉනිම ආරම්භ කළා. වදේරා ලකුණු 4 ක් ලබා සිටියදී පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ මොහමඩ් ෂාමිගේ පන්දුවක් හමුවේයි. ඔහුගේ පන්දුවක් හමුවේම ෂර්මා ලකුණු 8කට දැවී ගියා. අංක 3 පිතිකරු වූ කැමරන් ග්‍රීන් ද ආබාධයකට ලක්වී මුම්බායි ඉනිම අතරමගදී පිටියෙන් ඉවත් වූ අතර, පසුව තෙවැනි කඩුල්ල දැවී යාමෙන් පසුව ඔහු යළි පන්දුවට පහරදීමට පැමිණියා. ග්‍රීන් ලකුණු 30 ක් ද, තිලක් වර්මා ලකුණු 43(18) ක් ද රැස් කළා.

මුම්බායි ඉනිමේ අවසන් බලාපොරොත්තුව වූ සූර්යකුමාර් යාදව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට හුදෙකලා සටනක නිරත වූ නමුත්, ඔහු පන්දු 38 කින් ලකුණු 61 ක් ලබා සිටියදී දැවී යාමත් සමග මුම්බායි බලාපොරොත්තු බිද වැටුණා. විශ්නු විනෝද් ලකුණු 5කටත්, ටිම් ඩේවිඩ් ලකුණු දෙකකටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මෝහිට් ෂර්මා පන්දුවාර 2.2 ක් යොමු කරමින් ලකුණු 10 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා. මොහමඩ් ෂාමි හා රෂීඩ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...