Watch : මුම්බායි කණ්ඩායමේම ක්‍රීඩකයෙකු නිසා ඉෂාන් කිෂන් මුහුණ දුන් අවාසනාවන්ත අනතුර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(26) රාත්‍රියේ ආරම්භ වූ අවසන් වටයේ තෙවැනි තරගයේ දී (Qualifier 2) අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂන්ට සිදු වුණා.

අහ්මදාබාද් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි මුම්බායි පිලේ ප්‍රතිවාදීන් වූ ටයිටන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 233 ක් රැස් කළා.

ෂුබ්මන් ගිල් පන්දු 60 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129 ක්. හයේ පහර 10 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ටයිටන්ස් ඉනිම අතරවාරයේ දී ඉෂාන් කිෂන් ආබාධයකට ලක් වුණේ ඔහුගේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ක්‍රිස් ජෝර්ඩන්ගේ වැලමිට කිෂන්ගේ මුහුණේ වැදීම හේතුවෙන්.

ආබාධය නිසා ඉෂාන් කිෂාන් මුම්බායි ඉනිම ආරම්භ කිරීමට ද පිටියට පිවිසියේ නැහැ. අනතුරුව කිෂාන් වෙනුවට විශ්නු විනෝද් කණ්ඩායමට ආදේශ කිරීමට ද (concussion sub) පියවර ගැණුනා.

අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...