ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(25) නිවේදනය කළා.

ඒ අනුව හෙට(26) දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 400, 500, හා 750 යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතයි.

ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ප්‍රේක්ෂකයින් තරග නැරඹීමට පැමිණීමේ දී තමන්ගේ QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ලෙස) රැගෙන පැමිණිය යුතු බවයි ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...