ශ්‍රී ලංකා සංචාරය නිසා ට්‍රිස්ටන් ස්ටබ්ස් ඩර්හැම් කණ්ඩායමෙන් ඉවතට ; ටර්නර් ආදේශ කෙරේ

Date:

එංගලන්තයේ පැවැත්වෙන T20 Blast හෙවත් 20යි 20 අන්තර් ප්‍රාන්ත තරගාවලියේ දී ඩර්හැම් කණ්ඩායම සමග යළි එක් වීම සදහා ඔස්ට්‍රේලියානු පිතිකරු ඇෂ්ටන් ටර්නර් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ ට්‍රිස්ටන් ස්ටබ්ස් වෙනුවටයි.

දකුණු අප්‍රිකා A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සදහා ට්‍රිස්ටන් ස්ටබ්ස් නම් කිරීම හේතුවෙන් මෙම ආදේශ කිරීම සිදු කර තිබෙනවා.

30 හැවිරිදි ටර්නර් 2022 තරග වාරයේ දී ඩර්හැම් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ඔහු උරහිසක ආබාධයකට ද ලක්වීම හේතුවෙන් 2022 තරග වාරයට බාධා එල්ල වූ අතර, තරග 8කදී ලකුණු 124 ක් රැස් කිරීමට ඇෂ්ටන් ටර්නර් සමත් වුණා.

ඔස්ට්‍රේලියාවේ පැවැති Big Bash හා Marsh Cup යන තරගාවලි ද්විත්වයේදීම තමන් නායකත්වය දැරූ කණ්ඩායම් ශූරතාවය ජය ගැනීමට සමත් වූ පසුබිමකයි ඔහු මෙලෙස යළි එංගලන්තයට පැමිණෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...