හන්ඩ්‍රඩ් තරගාවලියේ නායක නායිකාවන්ගේ වෙනසක්

Date:

හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී Manchester Originals කණ්ඩායමේ නායිකාව ලෙස Sophie Ecclestone  පත් කර තිබෙනවා.

වෘත්තීය ක්‍රිකට් පිටිය තුළ ඇය කණ්ඩායමක නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

Kate Cross විසින් පළමු අදියර දෙකේ දී Originals කාන්තා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

නමුත් 2023 තරග වාරයේ දී ඇය Northern Superchargers කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවිනුයි ඇය වෙනුවට Sophie Ecclestone කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර ඇත්තේ.

මේ අතර, Sophie Devine වෙනුවට ඔස්ට්‍රේලියාවේ Ellyse Perry, Birmingham Phoenix කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර තිබෙනවා.

Oval Invincibles කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස යළි Dane van Niekerk නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පිරිමි තරගාවලියේ දී Welsh Fire කණ්ඩායමේ නව නායකයා ලෙස Tom Abell පත් කර තිබෙනවා.

The Hundred 2023 captains:

  1. Birmingham Phoenix: Ellyse Perry, Moeen Ali
  2. London Spirit: Heather Knight, Dan Lawrence
  3. Manchester Originals: Sophie Ecclestone, Jos Buttler
  4. Northern Superchargers: TBC
  5. Oval Invincibles: Dane van Niekerk, Sam Billings
  6. Southern Brave: Anya Shrubsole, James Vince
  7. Trent Rockets: TBC
  8. Welsh Fire: Tammy Beaumont, Tom Abell

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...