Watch : ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව එයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමේ අරමුණින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් අද(22) ශ්‍රී ලංකාව වෙත පැමිණීම සදහා ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවරින් පිටත්ව ගොස් තිබෙනවා.

එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් මෙරට දී සතියක පුහුණු කදවුරකට එක්වීමට නියමිත බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හෂ්මටුල්ලාහ් ශහිඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුල් රහ්මාන් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව සමග පසුගිය නොවැම්බර් මාසයේ පැවැති එක්දින තරගාවලිය සදහා වූ සංචිතයට ඇතුළත් වූ ගුල්බදීන් නයිබ්, ශහිදුල්ලාහ් කමාල්, යමින් අහ්මඩ්සායි හා රහ්මන් අක්බාර් අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙවර නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...