Watch : ෂර්මා දවා ගැනීමට නිටිෂ් කුමාර් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නිටිෂ් කුමාර් අද(21) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙම තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිත් ෂර්මා සමග පිටියේ එක් වූ කැමරන් ග්‍රීන් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 128 (65) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, නායක රෝහිත් පන්දු 37 කින් ලකුණු 56 ක් රැස් කළා.

ඔහුගේ කඩුල්ල දවා ගැනීම සදහායි නිටිෂ් කුමාර් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

දර්ශන පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...