IPL 2023 : කණ්ඩායම් තුනක් එක් ස්ථානයක් වෙනුවෙන් සටනේ ; සුදුසුකම් ලැබිය හැක්කේ කෙසේ ද?

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය අදයි(21).

මේ වන විටත් ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් අවසන් වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව අවසන් වටයේ එක් ස්ථානයක් පමණක් තවත් ඉතිරිව ඇති අතර, ඒ සදහා මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, 5 වැනි ස්ථානයේ රැදී සිටින රාජස්ථාන් රෝයල්ස් හා 6 වැනි ස්ථානයේ පසුවන මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් අතර තරගයක් නිර්මාණය වී තිබෙනවා.

මුම්බායි කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරත්(පස්වරු 3.30ට), බැංගලෝර් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරත්(රාත්‍රී 7.30ට), මූලික වටයේ අවසන් තරග දෙක අද පැවැත්වීමට නියමිතයි.

අද තරගවල ප්‍රතිපල අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඒ ඒ කණ්ඩායම්වලට බලපාන්නේ කෙසේ ද? මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

මුම්බායි හා බැංගලෝර් යන කණ්ඩායම් දෙකම අද තරගවලින් ජයගතහොත්

එසේ වුවහොත් කණ්ඩායම් දෙකේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ යන අතර, ඉහළ ශුද්ධ ලකුණු වේගය (net run rate) ලබා සිටින කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනවා.

මේ වන විට බැංගලෝර් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය මුම්බායි කණ්ඩායමට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා වැඩි අවස්ථාවක් පවතිනවා.

අද තරගයෙන් බැංගලෝර් කණ්ඩායම එක් ලකුණකින් ජය ගත්ත ද, බැංගලෝර් කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය අභිබවා යාමටනම් මුම්බායි කණ්ඩායමට අද තරගයෙන් සන්රයිසස් පරදා අවම වශයෙන් ලකුණු 79 ක ජයක් වාර්තා කිරීමට සිදු වනවා.

කෙසේ වෙතත්, බැංගලෝර් කණ්ඩායම අද රාත්‍රියේ දී තරග බිමට පිවිසෙන බැවින් අවසන් වටයට සුදුසුකම් ලැබීමට තමන්ට අවශ්‍ය ඉලක්කය කුමක්දැයි ඔවුන් ඒ වන විටත් හොදින් අවබෝධ කර ගෙන සිටින බැවින් එහි වාසිය ද බැංගලෝර් කණ්ඩායමට හිමි වනවා.

මුම්බායි හෝ බැංගලෝර් යන කණ්ඩායම් දෙකෙන් එකක් පමණක් ජයගතහොත්

එම කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් පමණක් අද ජයගතහොත් එම ජය ගන්නා කණ්ඩායම අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම පරාජයට පත්වුවහොත්

කණ්ඩායම් දෙකම අද තරගවලින් පරාජයට පත්වුවහොත් බැංගලෝර්, රාජස්ථාන් හා මුම්බායි යන කණ්ඩායම් තුනේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14 ක් බවට පත් වන අතර, මුම්බායි කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන්නේ ඔවුන් මේ වන විටත් දුර්වල ශුද්ධ ලකුණු වේගයකට හිමිකම් කියන බැවින්.

ඒ අනුව බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරින් ශුද්ධ ලකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...