කොදෙව් ක්‍රීඩිකාවන්ගේ සංචාරක ප්‍රතිපත්ති පිරිමි කණ්ඩායමට සම කෙරේ

Date:

මින් ඉදිරියට දිගු-දුර ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා

එමෙන්ම ජාත්‍යන්තර තරග අතරතුර දී තනි කාමරවල රැදී සිටීමට ද ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉදිරියේ දී කොදෙව් පිරිමි කණ්ඩායමට බලපාන සංචාරක ප්‍රතිපත්ති හා කොදෙව් කාන්තා කණ්ඩායමට අදාළ සංචාරක ප්‍රතිපත්ති සමාන වනු ඇති.

Kishore Shallow සභාපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව පැවැති කොදෙව් ක්‍රිකට් ආයතනයේ පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී යි මෙම තීරණවලට එළඹ ඇත්තේ.

කොදෙව් කාන්තා කණ්ඩායම ජූනි-ජූලි මාසවලදී අයර්ලන්තයට එරෙහිව තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අනතුරුව ඔක්තෝබර් මාසයේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...