බිලින්ග්ස්ගේ ශතකය අපතේ යයි – ඕස්ට්‍රේලියාවට ලකුණු 19ක ජයක්

Date:

එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 77ක් රැස් කළේ පන්දු 59කට මුහුණ දී හයේ සහ හතරේ පහර 4 බැගින් වාර්තා කරමින්.

මිචෙල් මාෂ් ලකුණු 73යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් සහ මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 275ක් පමණයි.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 84යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සෑම් බිලින්ග්ස් ලකුණු 118ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 14 ක් සිය ඉනිමට එක් කරමින්.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා කඩුලු 4ක් සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරගයේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...