ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම් අද(17) ප්‍රකාශයට පත් කළා.
ඊට අනුව එහි පිතිකරුවන් අතර පළමු ස්ථාන 10 අතරට පිවිසීමට අයර්ලන්තයේ හැරී ටෙක්ටර් සමත්ව තිබීම විශේෂත්වයක්.
බංග්ලාදේශයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ඔහු ලකුණු 140ක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ ඔහු තරග තුනේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 206 ක්.
ඒ අනුව මේ වන විට පාකිස්තානයේ බාබර් අසාම් පෙරමුණ හිමි කර ගෙන සිටින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය හැරී ටෙක්ටර්ට හිමිව තිබෙනවා.
ටෙක්ටර්ට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 722 ක් හිමිව ඇති අතර, එය අයර්ලන්ත පිතිකරුවෙකු එක්දින ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයයි.
මේ වන විට විරාත් කෝලි, ක්වෙන්ටන් ඩී කොක්, රෝහිත් ෂර්මා හා ස්ටීවන් ස්මිත් වැනි ප්‍රබල පිතිකරුවන් අභිබවා ඔහු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවීම කැපී පෙනෙනවා.
මේ අතර, බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ දී කඩුලු 7ක් දවා ගත් මාර්ක් අඩයර් පන්දු යවන්නන් අතර 31 වැනි ස්ථානය දක්වා ස්ථාන 30 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 33 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 33 කින්.

