ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද(17) නිවේදනය කළා.

ඒ අනුව ජූනි 14 වැනිදා ආරම්භ වන තරග සංචාරය සදහා ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ඇතුළත්.

ටෙස්ට් තරගය ජූනි 14 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජූලි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් තරගයෙන් අනතුරුව ජූනි 19 වැනිදා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවත්, ජූලි පළමු වැනිදා යළි බංග්ලාදේශය බලා පැමිණීමට නියමිතව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බංග්ලාදේශයට තරග සංචාරය ආරම්භ කිරීමට පෙර ජූනි දෙවැනිදා සිට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3කින් යුත් එක්දින තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Schedule:

  • 14-18 June: One-off Test, Dhaka
  • 5 July: First ODI, Chattogram
  • 8 July: Second ODI, Chattogram
  • 11 July: Third ODI, Chattogram
  • 14 July: First T20I, Sylhet
  • 16 July: Second T20I, Sylhet

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...