සරේ ඉතිහාසයේ හොදම විදෙස් ක්‍රීඩකයා ලෙස සංගක්කාර තේරී පත් වෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම විදෙස් ක්‍රීඩකයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ඒ, බී.බී.සී ලෝක සේවය විසින් සිදු කළ ඡන්ද විමසීමකදීයි.

ඡන්ද විමසීමේ දී පරිශීලකයින් සදහා සෑම ප්‍රාන්ත කණ්ඩායමකින්ම විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා බැගින් ඉදිරිපත් කිරීමට බී.බී.සී ක්‍රීඩා මාධ්‍යවේදීන් සහ දේශීය ගුවන් විදුලි විස්තර විචාරකයින් කටයුතු කර තිබුණා.

ඒ අතරින් වැඩිම මනාප ලබා ගත් ක්‍රීඩකයායි මෙහිදී අදාළ ප්‍රාන්තයේ හොදම විදෙස් ක්‍රීඩකයා ලෙස තේරී පත් වුණේ.

ඒ අනුව සරේ ප්‍රාන්ත කණ්ඩායම් හොදම විදෙස් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර බී.බී.සී පරිශීලකයින් විසින් තෝරා පත් කර ගත්තේ 40%ක මනාපයක් ලබා දෙමින්.

සරේ විදෙස් ක්‍රීඩකයින් ලබා ගත් මනාප ප්‍රතිශත –

Intikhab Alam – 20%
Kumar Sangakkara – 40%
Saqlain Mushtaq – 21%
Sylvester Clarke – 19%

සියලු ප්‍රාන්තවලින් තෝරා ගැණුනු හොදම ක්‍රීඩකයින් –

Derbyshire: Michael Holding (51%)
Durham: David Boon (33%)
Essex: Ken McEwan (36%)
Glamorgan: Sir Viv Richards (38%)
Gloucestershire: Mike Procter (56%)
Hampshire: Malcolm Marshall (47%)
Kent: Asif Iqbal (56%)
Lancashire: Sir Clive Lloyd (66%)
Leicestershire: Brian Davison (56%)
Middlesex: Desmond Haynes (52%)
Northamptonshire: Sir Curtly Ambrose (47%)
Nottinghamshire: Sir Richard Hadlee (43%)
Somerset: Sir Viv Richards (90%)
Surrey: Kumar Sangakkara (40%)
Sussex: Imran Khan (63%)
Warwickshire: Allan Donald (42%)
Worcestershire: Glenn Turner (73%)
Yorkshire: Darren Lehmann (69%)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...