LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය අරඹයි

Date:

ජූලි-අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය ( https://srilankacricket.lk/lpl-player-registration-portal ) ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සදහා අවස්ථාව පවතින බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

විදෙස් ක්‍රීඩකයින්ට Capped Players හා Uncapped Players යන කාණ්ඩ දෙක යටතේ ලියාපදිංචි විය හැකියි.

Capped Players කාණ්ඩයෙන් ලියාපදිංචි විය හැකි වන්නේ එක් ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට පමණයි.

ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නැතත්, පළමුපෙල හෝ 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට Uncapped Players යන කාණ්ඩය යටතේ ලියාපදිංචි විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තවමත් 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි විය හැකියි.

මැයි 25 වැනිදා මධ්‍යහ්න 12 ට පෙර ක්‍රීඩකයින් ලියාපදිංචි විය යුතු බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ජූනි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...