අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය ඇන්ඩර්සන්ට අහිමි වීමේ අවධානමක්

Date:

අයර්ලන්තය සමග ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරී‌‌මේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්ට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන්.

සමර්සෙට් කණ්ඩායම සමග පැවැති සිව්දින තරගයේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක් වූ අතර, එම තරගයේ පළමු දිනයේ දී ඔහු ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කෙසේ‌ වෙතත්, ආබාධය හේතුවෙන් පළමු දිනයෙන් පසුව ඔහු යළි එම තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතය ලබන සතිය‌ේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා‍.

අලුබදුන ටෙස්ට් තරගාවලිය ද ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි ඇන්ඩර්සන් මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...