මුස්ටර්ෆිසුර්ගේ කඩුලු 4 බංග්ලාදේශයට 2-0 ක ජයක් හිමි කරයි

Date:

මුස්ටර්ෆිසුර් රහ්මාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් අයර්ලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එංගලන්තයේ Chelmsford හි පැවැති අවසන් තරගය ජය ගැනීම සදහා ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 269 ක් පමණයි.

මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගනිමින් අයර්ලන්ත හඹා යාම අඩපන කළ අතර, තරගයේ අවසන් පන්දුවාරය යොමු කළ හසන් මහ්මුද් තමන්ට ආරක්ෂා කිරීමට ලද ලකුණු 10 ක ඉලක්කය සාර්ථක ලෙස ආරක්ෂා කරනු ලැබුවේ ලකුණු 4 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගනිමින්.

පෝල් ස්ටර්ලින්ග් ලකුණු 60 ක්, ඇන්ඩි බල්බර්නි ලකුණු 53 ක්, ලෝකන් ටකර් ලකුණු 50 ක් හා හැරී ටෙක්ටර් ලකුණු 45 ක් ලබා ගනිමින් අයර්ලන්ත ජයග්‍රහනයට බලාපොරොත්තු එක්කළ නමුත් අවසන් පන්දුවාර 10 තුළ දී ලබා ගත යුතු ලකුණු 62 ක ඉලක්කය කඩුලු 7ක් අතැතිව සිටියද ඔවුන්ට සපුරා ගැනීමට නොහැකි වුණේ බංග්ලාදේශ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 274 ක් රැස් කළේ පන්දුවාර 48.5 ක් තුළ සියලු දෙනා දැවී යමින්.

තමිම් ඉක්බාල් ලකුණු 69 ක්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 45 ක් හා මෙහිදි හසාන් ලකුණු 37 ක් ලබා ගත්තා. නජ්මුල් හොසේන් හා ලිටොන් දාස් ලකුණු 35 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 40 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය කඩුලු 3ක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...