LPL වෙන්දේසියට දින නියම වෙයි – ඉන්දියානුවන් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් 150ක් වෙන්දේසියට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු අයැදුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, ඉන් 150 දෙනෙකු පමණක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බව සදහන්.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇති.

20යි 20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් පසුවන අතර ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ, ශහිඞ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටව්, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නන් ෆිලෙන්ඩර් ද ඒ අතර වනවා.

ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අයැදුම් කර සිටීම ද විශේෂත්වයක්.

එම ක්‍රීඩකයන් වන්නේ මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති .

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොටදී සිදු කිරීමට සැලසුම් යොදා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...