තරගය තාවකාලිකව අත්හිටුවූ ආන්දෝලනාත්මක සිද්ධියට හේතුව හෙළි වෙයි ; ක්ලාසන්ට දඩත් ගසයි

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරු හෙන්රික් ක්ලාසන්ට දඩ පැනවීමට කටයුතු කළ බව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ඊයේ(13) හයිදරාබාද් හී දී පැවැති තරගයේ දී අයි.පී.එල් විනය නීති සංග්‍රහය ඔහු උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු විසින් 2.7 වගන්තිය හෙවත් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම/නුසුදුසු ප්‍රකාශ සිදු කිරීම යන වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කළ බවට චෝදනා එල්ල වූ අතර, හෙන්රික් ක්ලාසන් සිය වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහුට දඩ පැනවූයේ කුමන සිද්ධියකට එරෙහිව දැයි අයි.පී.එල් මාධ්‍ය නිවේදනය තුළ නිශ්චිතව සදහන් කර නැහැ.

කෙසේ වෙතත්, මෙම තරගයේ සන්රයිසස් ඉනිම අවසානයේ දී ඔහු විසින් තරගාවලියේ විකාශන අයිතිය හිමි නාලිකාව වෙත අදහස් දක්වමින් ප්‍රේක්ෂකයින්ගේ හැසිරීම මෙන්ම විනිසුරු තීරණ පිළිබද යම් විවේචනයක් සිදු කළා.

ඒ, ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී පිටියේ විනිසුරුවන් ලබා දුන් නිපන්දුවන් (ඉනට ඉහළින් පන්දුව පැමිණි නිසා) තෙවන විනිසුරු විනිස් නීත්‍යානුකූල පන්දුවක් බව නම් කිරීමේ සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය පිළිබද අදහස් දක්වමින්.

තෙවන විනිසුරුගේ තීරණයට හෙන්රික් ක්ලාසන් පිටිය තුළදී ද සිය නොසතුට පල කරන අයුරු දැකිය හැකි වුණා. ඉන් අනතුරුව යොමු කෙරුණු පන්දුවට ඔහු හතරේ පහරක් එල්ල කළ නමුත්, එම අවස්ථාවේ දී ප්‍රේක්ෂකාගාරයේ සිට යම් භාණ්ඩයක් ක්‍රීඩාංගනය වෙත විසි කිරීමක් සිදුව තිබුණා.

එම විසිකරන ලද භාණ්ඩය පන්දු රකිමින් සිටි Prerak Mankad ගේ හිසෙහි වැදී තිවූ බවයි සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් පසුව සදහන් කර තිබුණේ.

මෙම සිද්ධිය හේතුවෙන් මිනිත්තු 10ක පමණ කාලයක් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වුණා. විනිසුරුවන් හා ආරක්ෂක නිළධාරීන් ද පැමිණ තත්ත්වය පිළිබද සොයා බලා මිනිත්තු 10 කින් පමණ පසුව තරගය යළි ආරම්භ කිරීමටයි කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...