ශකිබ්ට සති 6 ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට අයර්ලන්තය සමග අද(14) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

පසුගිය සිකුරාදා පැවැති දෙවැනි එක්දින තරගයේ දී ජෝර්ජ් ඩොක්‍රෙල් ලබා දුන් උඩ පන්දුවක් ගිලිහී ගිය අවස්ථාවේ දී යි ඔහුගේ ඇගිල්ලක මෙම ආබාධය සිදුව ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහු එම තරගයේ දී බංග්ලාදේශ හඹා යාමේ දී පිතිකරණයේ ද නිරත වූ අතර, එහිදී ඔහු ලකුණු 26 ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම ආබාධය නිසා ශකිබ්ට සති 6 ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති. ඒ අනුව ජූනි මාසයේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ද ශකිබ්ට බොහෝ විට අහිමි වීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...