අද (13) පස්වරුවේ පැවැති මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 58 වැනි තරගයේ දී එක් පන්දුවාරයකදී හයේ පහර 5 ක් එල්ල කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ මර්කස් ස්ටොයිනිස් හා නිකලස් පූරාන් සමත් වුණා.
හයිදරාබාද් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
ස්ටොයිනිස් හා පූරාන් ලක්නව් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී අභිෂේක් ෂර්මාට එරෙහිවයි හයේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් වාර්තා කිරීමට සමත් වුණේ.(වයිඩ් ලකුණක් ද සමගින්)
ස්ටොයිනිස් එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට හයේ පහර 2ක් එල්ල කළ අතර, තෙවැනි පන්දුවට ඔහු දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි පූරාන් තමන් මුහුණ දුන් පළමු පන්දු තුනටම හයේ පහර 3 ක් එල්ල කිරීමට සමත් වුණා.
එහි දර්ශන පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්රය BCCI/IPLT20)

