ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වූ ටෝනි ඕපාත දිවි ගමනට සමුදෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.

දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ටෝනි ඕපාත 1971 වසරේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

1975 සහ 1979 වසරවල පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියන් හි ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ඔහු ක්‍රීඩා කර ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 5ක්.

1982 වසරේ තහනම් දකුණු අප්‍රිකානු තරග සංචාරයට එක්වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවුණා.

එම තරග සංචාරයේ දී ටෝනි ඕපාත කණ්ඩායමේ කළමනාකරු ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...