රෂීඩ්ගේ තුන් ඉරියව් දක්ෂතා අභිබවා සූර්යකුමාර්ගේ 103* මුම්බායි කණ්ඩායමට ජය ගෙනෙයි

Date:

රෂීඩ් ඛාන් තුන් ඉරියව්වෙන් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා අපතේ යවමින් සූර්යකුමාර් යාදව් රැස් කළ සුපිරි ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි.

ටයිටන්ස් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රෂීඩ් ඛාන් පන්දු 32 කින් නොදැවී වේගවත් ලකුණු 79 ක් ලබා ගත්තේ දැවැන්ත හයේ පහර 10 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

ඩේවිඩ් මිලර් ලකුණු 41 ක් ලබා ගත් අතර, විජයි ශන්කර් ලකුණු 29යි. පන්දු යැවීමේ දී ආකාශ් මද්වල් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. පියුෂ් චවුලා හා කුමාර් කාර්තිකෙයා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් සූර්යකුමාර් පන්දු 49 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 ක්. හයේ පහර 6 ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මුම්බායි ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 61 ක සම්බන්ධතාවයක් පන්දුවාර 6.1 ක් තුළ ගොඩ නැගීමට රෝහිත් ෂර්මා හා ඉෂාන් කිෂන් සමත් වුණා.

කිෂන් ලකුණු 31 ක් රැස් කළ අතර, රෝහිත් ලකුණු 29 කට දැවී ගියා. විශ්නු විනෝද් ලකුණු 30 යි. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

© BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...