හර්ෂිතා හා නිලක්ෂිගේ සුපිරි පිතිහරඹය හමුවේ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Date:

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(12) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමගයි.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තා.

විශ්මි ගුණරත්න ලකුණු දෙකකට දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 32(23) යි. අනුෂ්කා සංජීවනී ලකුණු 4 කට දැවී ගියා.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 102 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීමට හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂි ද සිල්වා සමත් වුණා.

හර්ෂිතා නොදැවී ලකුණු 51 ක් රැස් කළේ පන්දු 42 කින්. ඒ, හතරේ පහර 6ක් ද සමගින්. නිලක්ෂි පන්දු 39 කින් නොදැවී ලකුණු 63 ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් වාර්තා කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

Nigar Sultana ලකුණු 31 ක් හා Sobhana Mostary ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර හා උදේශිකා ප්‍රබෝදනී කඩුලු දෙක බැගින් දවා ගත්තේ ලකුණු 17  බැගින් ලබා දෙමින්. කාව්‍යා කවිදි ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...