රාජස්ථාන් තුනට එයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඊයේ(11) රාත්‍රියේ කොල්කටාහී දී පැවැති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ඔවුන් ලැබූ කඩුලු 9ක විශිෂ්ඨ ජයත් සමගින්.

තරග 12 කදී තරග 6 ක් ජය ගනිමින් රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග 11 කින් තරග 8 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 16 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 12 කින් තරග 7ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 15 ක් හිමි කර ගනිමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තරග 11 කට ක්‍රීඩා කර ඉන් තරග 6 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12 ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 11 ක් හිමි කර ගනිමින් රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, කොල්කටා නයිට් රයිඩර්ස්, පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා ඇති අතර, ඔවුන් පිළිවෙලින් 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථානවල පසුවනවා.

සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා 9 වැනි හා 10 වැනි ස්ථානවලද රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...