ICC උප සභාපති හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

Date:

ශ්‍රී ලංකා සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) උප සභාපති ඉම්රාන් ක්වාජා හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ඊයේ (11) සිදු වුණා.

ක්‍රීඩා අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු වූ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ.

පලදායි සාකච්ඡාවක් මෙහිදී පැවැති බවත්, අයි.සී.සීය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර අන්‍යෝන්‍ය ගෞරවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට එල්ල වන බව කියන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෙකු ලෙස අයි.සී.සී උප සභාපති ඉම්රාන් ක්වාජා කටයුතු කරනවා.

පසුගිය 10 වැනිදා පෙරවරුවේ ඔහු දිවයිනට පැමිණියේ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබද කරුණු සෙවීම සදහායි.

ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමග හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සමග ද එදින සාකච්ඡා පවත්වා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...