Watch : ජයිස්වාල් පන්දු 13 කින් IPL වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය යටතේ අද(11) රාත්‍රියේ කොල්කටා හී දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගාවලියේ 56 වැනි තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූ කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 149 ක්.

රාජස්ථාන් පිළිතුරු ඉනිම ආරම්භ කළ ජයිස්වාල් පන්දු 13 කින් සිය අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඔහු අර්ධ ශතකය වාර්තා කරන අවස්ථාව වන විට හයේ පහර 3 කින් හා හතරේ පහර 6 කින් ජයිස්වාල්ගේ ඉනිම වර්ණවත් වී තිබුණා.

රාජස්ථාන් ඉනිමේ පළමු පන්දු දෙකට හයේ පහර දෙකක් එල්ල කළ ඔහු පළමු පන්දුවාරයේ දී ලකුණු 26 ක් රැස් කිරීම කැපී පෙනුණා.

මීට පෙර අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබුණේ පැට් කමින්ස් හා කේ එල් රාහුල් විසින්. ඔවුන් දෙදෙනාම පන්දු 14 කින් අර්ධ ශතකය වාර්තා කර තිබුණා.

ජයිස්වාල් සිය අර්ධ ශතකය වාර්තා කළ අයුරු පහතින් නරඹන්න (දර්ශන මූලාශ්‍රය – BCCI / IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...