IPL වාර්තා අලුත් කළ ජයිස්වාල්ගේ හා චෙහල්ගේ දක්ෂතා රාජස්ථානයට සුපිරි ජයක් ගෙනෙයි

Date:

යශස්වි ජයිස්වාල් වාර්තා කළ අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය හා යුස්වේන්ද්‍ර චෙහල්ගේ අයි.පී.එල් වාර්තා අලුත් කළ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 56 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

කොල්කටාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූ කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 149 ක්.

වෙන්කටේෂ් අයියර් පන්දු 42 කින් ලකණු 57 ක් රැස් කලේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. නිටිෂ් රානා ලකුණු 22යි.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ද ඔහු අද සමත් වූ අතර, ඔහු මේ වන විට අයි.පී.එල් ඉනිම් 142 කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 187 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 13.1 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ (151/1) එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් ලකුණු නොලබා දුවද්දී දැවී ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 47 කින් නොදැවී ලකුණු 98 ක් වාර්තා කළා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 12 ක් සමගින්. ජයිස්වාල් පන්දු 13 කින් සිය අර්ධ ශතකය වාර්තා කිරීම කැපී පෙනුණා. එය අයි.පී.එල් ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි.

සංජු සැම්සන් නොදැවී ලකුණු 48ක් පන්දු 29කින් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 (69) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...