යුස්වේන්ද්‍ර චෙහල් IPL වාර්තාවක් බිද හෙලයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(11) සමත් වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී කොල්කටා හී දී ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූ කොල්කටා කණ්ඩායමේ නායක නිටිෂ් රානාගේ කඩුල්ල දවා ගනිමින් චෙහල් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ඉනිමේ 11 වැනි පන්දුවාරයේ දී යි.

ඔහු මෙම තරගයේ දී ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

චෙහල් මේ වන විට අයි.පී.එල් ඉනිම් 142 කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 187 ක්.

මීට පෙර අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ඩ්වේයන් බ්‍රාවෝ. ඔහු ඉනිම 158 කදී කඩුලු 183 ක් දවා ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...