කොදෙව්වන් එක්සත් අරාබියට එරෙහිව එක්දින තරගාවලියකට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන මාසයේ දී සාජා හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සිම්බාබ්වේ හී දී ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙරහුරුවක් වශයෙන් මෙම තරගාවලිය යොදා ගැනීමටයි දෙරටේ ක්‍රිකට් ආයතන කටයුතු යොදා ඇත්තේ.

දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන එක්දින තරග තුන ජූනි 5, 7 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය අවසන් වීමෙන් පසුව කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 10 ක් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් කණ්ඩායම් දෙකක් පමණක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...